By unusuma.lk on
(LK time)විදෙස් ගමන් බලපත්‍ර 2,500 බැගින් දිනකට නිකුත් කිරිමට පියවර ගෙන ඇති බවත් මීට පෙර දිනකට ගමන් බලපත්‍ර 1,200 නිකුත් කළ බවද මහජන ආරක්ෂක ආමාත්‍යාංශය සදහන් කරයි.
කිසියම් කෙනෙකුට හදිසියේ විදේශගත වීමට අවශ්‍යනම් ඒ සදහා ගමන් බලපත්‍ර ලබා ගැනීමට වෙනම කවුළුවක් විවෘත කර ඇති බව අමාත්‍ය ආන්නද විජේපාල සදහන් කරයි.
අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ, එම කවුළුවට ඉදිරිපත් කරන අයැදුම්පත් කමිටුවක් මගින් සලකා බලා හැකි ඉක්මණින් ගමන් බලපත්‍ර ලබාදීමට පියවර ගන්නා බවයි.