ගං ගොඩේ 6ට එකෙක් ලොසෙක්.!

ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසූවේ ලංකාවේ සෑම පුද්ගලයන් හය දෙනකුගෙන් එක් අයකු දිළිදු බවට පත් වී ඇති බවයි.

“ග්‍රාමීය දිළිඳු බව මේ රටට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. අප රටේ සෑම පුද්ගලයින් හය දෙනෙක්ගෙන් එක් අයෙක් දිළිඳුයි.

ඔවුන් අතරිනුත් 95%කට වැඩි ප්‍රමාණයක් ග්‍රාමීය හා වතු ආශ්‍රිත  ප්‍රදේශවල ජීවත් වෙනවා. බහුමාන දරිද්‍රතා දර්ශකයට අනුව මේ දත්ත අප ඉදිරිපත් කරන්නේ.

ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම වත්මන් රජයේ ප්‍රධාන වශයෙන් අවධානයට යොමු වූ ක්ෂේත්‍රයක්.

ගම් හෝ අර්ධ නාගරික හෝ මලයගම් ප්‍රදේශවල ජනතාව බරපතල දරිද්‍රතාවලින් පෙලෙනවා.

ඉහළ සිට පහලට ගලා එන සංවර්ධනය වෙනුවට ගමේ ජනතාවගේ අවශ්‍යතා විශ්ලේෂණය කොට ජනතාව විසින් ග්‍රාම සංවර්ධනය සැලසුම් හදා ඒවා ක්‍රියාත්මක කිරීමට අප පහසුකම් ලබා දෙනවා”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.