ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරලියට ඩොලර් මිලියන ගණනක ඇමෙරිකානු ආධාර යොදවලා.?

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හෙවත් USAID ආයතනය සම්බන්ධයෙන් පිළිබඳ මේ දිනවල ජාත්‍යන්තරය තුළ මතුව ඇත්තේ දැඩි ආන්දෝලනාත්මක කතාබහකි.

එම කතාබහ වඩාත් තීව්‍ර කරමින් USAID, ගෙවුණු වසර කිහිපය තුළ මුදල් වැයකළ ව්‍යාපෘති සම්බන්ධ වාර්තාවක් ද ට්‍රම්ප් පාලනය විසින් අනාවරණ කරනු ලැබීය.

මේ අතර ඉන්දීය මාධ්‍ය කිහිපයක් පවසන්නේ ශ්‍රී ලංකාව බංග්ලාදේය, යුක්රේනය, සිරියාව, පාකිස්තානය හා ඉන්දියාව ඇතුළු රටවල් 9ක ආණ්ඩු වෙනස් කිරීම සඳහා මෙම ආයතනය ඩොලර් මිලියන 260ක් වියදම් කර ඇති බවය.

එමෙන්ම ඩොජ් (DOGE) ආයතනයේ ප්‍රධානී ඊලෝන් මස්ක් ද ඊයේ (11) අනාවරණ කළේ විවිධ රටවල මැතිවරණ ව්‍යාපාරවලට බලපෑම් කිරීමට USAID මුදල් වැය කර ඇති බවය.

(DOGE) ආයතනය යනු ඩොනල් ට්‍රම්ප් ප්‍රමුඛ අමෙරිකානු නව රජය විසින් එරට රාජ්‍ය ආයතනවල මූල්‍ය වංචා සෙවීමට පත්කළ ආයතනයයි.

මේ අතර ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට, ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය මත පදනම් වී භාෂා භාවිත කිරීමෙන් වළකින ආකාරය පිළිබඳ වැඩමුළු පවත්වා ඇති බවත් ඊට වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක් බවත් ට්‍රම්ප් පරිපාලනය අනාවරණ කළ අතර ඔවුන් එය හඳුන්වාදී තිබුණේ විකාරරූපී ව්‍යාපෘතියක් ලෙසය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කථානායකවරයා වෙත ඊයේ ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබුණේ USAID  අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් ස්ත්‍රීලිංග හා පුරුෂලිංග පද භාවිත නොකර සිටීමට දැනුවත් කිරීම වැනි සුළු කාරණයක් සඳහා වැය කිරීම සැක සහිත බැවින් එම මුදල් භාවිත කළේ කුමක් සඳහාදැයි සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙසයි.

එමෙන්ම ඒ පිළිබඳ සොයා බලන ලෙස ඉල්ලා අල්ලස දූෂණයට එරෙහි පුරවැසි බලය සංවිධානද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් සිදු කළේය.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.