ජාතික තරුණ සේවා සභාවේ රුපියල් ලක්ෂ 1800 ක් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදවලා.!

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් ලක්ෂ 1800 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව තොරතුරු අනාවරණය විය.

ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයාගේ අත්සන ඇතුව ජනාධිපතිවරණයට පෙර දින මෙම චෙක් පත් නිකුත් කර තිබූ බව ද එහිදී අනාවරණය විය.

කමිටුවේ ප්‍රශ්න කිරීම් හමුවේ එහි නිලධාරීන් පැවසූවේ සභාපතිවරයාගේ බලපෑම් මත එම වියදම් සහතික කළ බවත් එසේ නොකළේ නම් තමන්ට මාරුවීම් ලබාදීමට නියමිතව තිබූ බවත් ය.

ජාතික තරුණ සේවා සභාවේ එවකට මුදල් අධ්‍යක්ෂවරයා කාරක සභාවට පැමිණ සිටිය ද කනිෂ්ඨ නිලධාරින් අදහස් ඉදිරිපත් කරද්දී නිහඬව සැඟවී සිටීමට උත්සාහ කිරීම කාරක සභාව නොමඟ යැවීමක් බව එහිදී කමිටු සාමාජිකයන්ගේ විවේචනයට ලක්විය.

මේ අනුව ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා කෝප් කමිටුව හමුවට කැඳවා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට තීරණය කළේය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් පෙන්වා දුන්නේ ජනාධිපතිවරණයට පෙර දින මහා භාණ්ඩාගාරයෙන් රුපියල් කෝටි දහයක් ලැබුණු බවයි. සභාපතිවරයාගේ බලපෑම මත මෙම වියදම් සහතික නිකුත් කර චෙක්පත් නිකුත් කිරීමට සිදු වූ බවත් ය.

මෙහිදී අදහස් දක්වමින් කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පෙන්වා දුන්නේ රජයේ නිලධාරින් බිල්ලට දී ජාතික තරුණ සේවා සභාවේ හිටපු සභාපතිවරයා මුදල් අවභාවිත කර ඇති බවයි.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.