By unusuma.lk on
(LK time)මගී පාරිභෝගිකයන්ගේ ගැටළු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම පිණිස ශ්‍රීලන්කන් ගුවන් සේවය ‘යානා’ නමින් කෘත්‍රිම බුද්ධි යෙදවුමක් හඳුන්වා දී ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සිය පාරිභෝගිකයන් දැනුවත්කරමින් පවසන්නේ මේ සඳහා www.srilankan.com වෙබ් අඩවියට ඇතුළත් වී එම පහසුකම ලබාගන්නා ලෙසයි.
වෙබ් අඩවියේ දකුණු පස කෙළවර දැක්වෙන ගුවන් සේවිකාවකගේ රුව සහිත ඒ.අයි. (AI) රූපය ක්ලික් කිරීමෙන් ප්‍රශ්න යොමුකළ හැකි බව ඔවුන් වැඩිදුරටත් පවසයි.
මෙම කෘත්‍රිම බුද්ධි යෙදවුම චැට් ජී.පී.ටී. GPT – 4 තාක්‍ෂණයෙන් බලගැන්වී ඇති අතර ශ්‍රීලන්කන් සමඟ පාරිභෝගික අන්තර් ක්‍රියා වැඩිදියුණු කිරීම හා එමගින් කාර්යක්ෂමතාව වැඩිකර ගැටලු පහසුවෙන් විසඳාදීමට හැකි අයුරින් සකස් වී ඇති බව ගුවන් සමාගම වැඩිදුරටත් පවසයි.
ඒ අනුව ‘යානා’ සමග සම්බන්ධ වී පණිවුඩ යොමුකර නිවැරදිව තොරතුරු දැන ගන්නා ලෙසත් ශ්‍රීලන්කන් සිය පාරිභෝගික මගීන්ට දන්වා සිටී.