By unusuma.lk on
(LK time)ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාව අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් සේවක අතිරික්තයක් පැවැති අංශවල සේවකයන් සඳහා 2023 වර්ෂයේ දී අතිකාල දීමනා වශයෙන් රුපියල් දෙසීය අනූ දෙකෝටි, හය ලක්ෂ හැත්තෑනම දහස් දෙසිය අසූ අටක මුදලක් (2,920,679,288) ගෙවා ඇති බව සඳහන් වේ.
එමෙන්ම රුපියල් හයසිය තිස්එක් කෝටි, අනූනම ලක්ෂ හතළිස් හය දහස් හයසිය අසූ එකක් (6,361,046,681) ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් 2023 වර්ෂයේ දී සමස්ත අතිකාල දීමනාව ලෙස අධිකාරියේ සේවකයන් සඳහා ගෙවා ඇති අතර වරාය අධිකාරියේ මෙහෙයුම් කටයුතු සඳහා සෘජුවම සම්බන්ධතාවයක් නොදක්වන අංශ හතක සේවකයන් 187 දෙනකුගේ අතිරික්තයක් පැවැති බවද එම විගණන වාර්තාවේ දැක්වේ.
එමෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොට්ඨාස 35 මගින් ඉදිරිපත් කරනු ලැබූ කාර්යමණ්ඩල තොරතුරු අනුව තනතුරු 187කට අදාළව අනුමත කාර්යමණ්ඩලය ඉක්මවා සේවකයන් 997 දෙනකු සේවයේ යොදවා ඇති බව වැඩිදුරටත් සඳහන්.