By unusuma.lk on
(LK time)හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා අද විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයෙන් මහින්ද රාජපක්ෂ නාමය ඉවත්කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කරනා බවයි.
වසර ගණනාවක් පුරා රටේ සම්පත් විනාශය කළ, මනුෂ්‍ය ඝාතණ සිදුකළ කණ්ඩායමක් නැවතත් රටේ බලයට පත්ව පසුගිය රජයන් විසින් සිදුකළ සංවර්ධන ව්‍යාපෘති විනාශ කරමින් සිටිනා බව ඔහු පවසයි.
පසුගියදා වත්මන් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා මේ බව පැවසීය.
ක්‍රීඩා අමාත්‍යවරයා එහිදී පවසා තිබුනේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන නමුත් මහින්ද රාජපක්ෂ නමින් ක්‍රීඩා සංකීර්ණ පවත්වාගෙන යාමට කිසිදු ආයෝජකයෙකු මුදල් ආයෝජන නොකරන බවත් එබැවින් එම නම ඉවත් කිරීමටද ඉදිරියේ කටයුතු කරන බවයි.