By unusuma.lk on
(LK time)ඊයේ (1) මහවෙල පොලීසිය විසින් එම ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ජයවර්ධනපුර පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුරට අනුයුක්තව විශේෂ යතුරුපැදි අංශයේ රාජකාරී කරන නිලධාරියකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් මාතලේ, මහවෙල, කටුගස්තොට, මහනුවර, රත්තොට ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 35 ත් වයස්වල පසු වන පිරිසකි.
පොලිස් විශේෂ කාර්ය බලකාය උප පොලිස් පරීක්ෂකවරයා විසින් සංවිධානය කල මෙම සාදයට ඇතුළු වීම සඳහා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 3000ක මුදලක් අය කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පොලිස් නිලධාරියා සන්තකයේ තිබී ගංජා මිශ්‍ර මෝදක ග්‍රෑම් 22ක්, හෑෂ් මිලිග්‍රෑම් 620 ක්, මත්ද්‍රව්‍ය සහිත ටැබ්ලට් මිලිග්‍රෑම් 660 ක් පොලිසිය සොයාගෙන ඇත.
එම සාදයට බාල වයස්කරුවන් ඇතුළු 40 අධික පිරිසක් එම සාදයට සහභාගි වී සිටි බව පොලිසිය පවසයි.