By unusuma.lk on
(LK time)සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී නුවන් ධර්මරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දෙමින් කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති වෙත ලිපියක් යොමු කර තිබේ.
පැලවත්තේ පිහිටි මෙම සමාගමේ මෙහෙයුම් නිලධාරීවරයා ලෙස තමන් ජුනි මස 27 වැනි දින සිට සේවයෙන් ඉල්ලා අස්වන බවයි එම ලිපියේ සඳහන් වෙයි.
තමන් හට මෙහෙයුම් නිලධාරී තනතුරෙන් ඉවත් වන ලෙසට කර්මාන්ත අමාත්‍යවරයා විසින් කළ ඉල්ලීමට හේතු වූයේ සිය පෞද්ගලික මුහුණු පොතේ පළ වූ ප්‍රකාශිතයක් බවට අමාත්‍යවරයා පැවසූ බව ද එම ලිපිය මගින් ඔහු සඳහන් කර ඇත.
කෙසේවෙතත් ඔහුගේ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ දේශීය සීනි කර්මාන්තය දැඩි ලෙස අගාදයකට යමින් පවතින සමයක මාගේ ප්‍රකාශයේ ගැඹුරු හරය ඔබතුමාට හෝ ජනාධිපතිවරයාට හෝ වත්මන් රජයේ ඉහළ නිලධාරීන්ට නුදුරු දිනක දී ම වැටහෙනු ඇති බවයි.
නුවන් ධර්මරත්න මහතා යොමු කළ සම්පූර්ණ ලිපිය පහතින්..
