සීනි හිඟයක පෙර නිමිති මතුවෙයි.!

ආනයනික සීනි කිලෝවක් සඳහා අය කරන බද්ද රුපියල් 30 කින් ඉහළ නැංවීමේ මහා භාණ්ඩාගාර සූදානම හමුවේ මෙට්‍රික් ටොන්  60,000ක පමණ විශාල සීනි තොගයක් සඟවාගෙන අධික ලාභයක් ලැබීමට ආනයනකරුවන් පිරිසක් කටයුතු කරන බව පිටකොටුව තොග වෙ‍ළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශීය සීනි කර්මාන්ත ශාලා දෙකේ පවතින මූල්‍ය අර්බුදයට විසඳුමක් ලෙස ආනයනික සීනි කිලෝවක් සඳහා දැනට අය කරන රුපියල් 50 ආනයනික බද්ද රුපියල් 80දක්වා ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ.

මේ අතර මහා පරිමාණ ආනයනකරුවන් පැවති ආනයන බද්ද යටතේ ආනයනය කළ සීනි විශාල තොගයක් පසුව වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් සඟවා ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.

ආනයන බද්ද කිලෝවට රුපියල් 80ක් ලෙස ඉහළ නැංවූ පසුව සීනිවල තොග හා සිල්ලර මිල ඊට සාපේක්ෂව ඉහළ යන අතර අඩු බදු යටතේ ආනයනය කළ සීනි විශාල තොගය වැඩි මිලට අලෙවි කිරීමෙන්  ආනයනකරුවන්ට විශාල ලාබයක් ලැබිය හැකි බවද එම ආරංචි මාර්ග කියයි.

මෙම සීනි තොග සඟවා තැබීම සම්බන්ධයෙන් තවත් ආනයනකරුවන් පිරිසක් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කිරීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

News Source – Lankadeepa

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments