By unusuma.lk on
(LK time)සමගි ජන බලවේග පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර කිසිම සාකච්ඡාවක් නොමැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහ සදහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම පරාජය කරපු නිසා එම පක්ෂයෙන් ඉවත් වුණ බවත් එනිසා යළි එකතු වීමක් සිදු නොවන බවද මන්ත්‍රි සුජීව සේනසිංහ සදහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ සමහර ප්‍රතිපත්තිවලට සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති ගොඩක් විරුද්ධ බවත් සමගි ජන බලවේගය හදාගෙන තිබෙන නමට ගැටලුවක් නොවන ආකාරයෙන් කටයුතු කරනවා නම් සාකච්ඡා කිරීමට හැකි බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
මන්ත්‍රි සුජීව සේනසිංහ සදහන් කළේ,
“එක්සත් ජාතික පක්ෂයෙන් ඒ සදහා ඉදිරිපත්ව සිටින සමහර පුද්ගලයන් පිළිබඳව අපිට ගැටලු තිබෙනවා. රනිල් මේවට ගෑවෙන්නේ නෑ කියපු නිසයි අපිම වුණත් සාකච්ඡාවට ආවේ. අපිව දිගින් දිගටම පරාජය කරපු රනිල් නිසයි අපි ඒ පක්ෂයෙන් ඉවත් වුණේ.
ආයේ කොහොමත් එයා එක්ක එකතු වෙන්නේ නෑ. එහෙම වුණොත් දිගටම පරාජය තමයි. අපි සාකච්ඡා කරනවා නම් සමගි ජන බලවේගයේ මේ හදාගෙන තිබෙන නමට ගැටලුවක් නොවන ආකාරයෙන් කටයුතු කරනවා නම් සාකච්ඡා කරන්න පුළුවන්.
එයාලගේ සමහර ප්‍රතිපත්ති අපේ ප්‍රතිපත්තිවලට ගොඩක් විරුද්ධයි. මේ වනවිට සමගි ජන බලවේගයේ යම් අර්බුද තියෙනවා කියලා සමාජ මාධ්‍යවල යනවා. ඕනෑම දේශපාලන පක්ෂයක අර්බුද තිබෙනවා. ඒවා අපිට විසඳ ගන්න පුළුවන්. ලොකු දේවල් නෙවෙයි.”
මහනුවරදී අදහස් පළ කරමින් මන්ත්‍රි සුජීව සේනසිංහ මේ බව සදහන් කරයි.