By unusuma.lk on
(LK time)අද (19) පෙරවරුවේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළ වෙඩිතැබීම සිදුවී ඉතාම කෙටි වේලාවක් තුළ එම ස්ථානයට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පැමිණි අතර අමාත්‍යවරයා අධිකරණ සංකීර්ණයෙන් පිටතට පැමිණෙන විට ඔහු වටකරගත් මාධ්‍යවේදීන්ගෙන් දැඩි පීඩනයක් එල්ල විය.
එහිදී මාධ්‍යවේදීන් දිගින් දිගට එල්ල කළ තීරණාත්මක ප්‍රශ්න හමුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා දැඩි අපහසුතාවට මෙන්ම පීඩනයට ලක්වූ බවක් දක්න ලැබුනි.
“අධිකරණයක් ඇතුළදී පුද්ගලයින් මෙලෙස මියයද්දි මිනිස්සුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නේ කෙසේද, අධිකරණය අතුලේ මිනී මරනවානම් රටේ ජනතාව ආරක්ෂාව කරන්නේ කෙසේද” වැනි ඉතා පීඩනාත්මක ප්‍රශ්ණ වැලක් අමාත්‍යවරයා වෙත එල්ල විය.
කෙසේවෙතත් එම පීඩනය මැද ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ, ඊට අදාළ පියවර රැගෙන තිබෙන අතර සියලු පුද්ගලයින් හඳුනාගෙන තිබෙන බවත් විමර්ශණ සිදුකර කඩිනමින් අත්අඩංගුවට ගන්නා බවත් ය.
කෙසේවෙතත් මාධ්‍යවේදීන් දිගින් දිගටම අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ ඒවා මගහරිමින් ඔහුගේ රියදුරු සහයකයාට දුරකථන ඇමතුමක් ගෙන “කොහෙද බූරුවෝ ඉන්නේ” යනුවෙන් බැන වදින ආකාරයද වීඩියෝ දර්ශනවල සටහන්ව තිබුනි.