By unusuma.lk on
(LK time)හිටපු ප්‍රබල දේශපාලනඥයකු විසින් සඟවාගෙන තිබූ රුපියල් කෝටි ගණනක් වටිනා ප්‍රාඩෝ වර්ගයේ සුඛෝපභෝගී ජිප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක අංශයේ බුද්ධි නිලධාරීන් විසින් පෙරේදා සිය භාරයට ගෙන ඇත.
රත්නපුර අංගම්මන ප්‍රදේශයේ කොන්ක්‍රීට් වැඩපළක ව්‍යාජ අංක තහඩු සවි කරන ලද නීති විරෝධී ජිප් රථයක් සඟවාගෙන ඇති බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක අංශයට ලැබුණ තොරතුරක් මත එහි ස්ථානාධිපතිවරයා විසින් සැලසුම් කරන ලද විශේෂ මෙහෙයුමක් මගින් මෙම සුඛෝපභෝගී ජිප් රථය පිළිබඳව විමර්ශන කිරීමෙන් අනතුරුව එය සිය භාරයට ගෙන ඇත.
බුද්ධි නිලධාරීන් කළ විමර්ශන වලදී පෙනී ගොස් තිබුණේ මෙම සුඛෝපභෝගී ජිප් රථයේ අංකය හා එන්ජින් අංකය ව්‍යාජ ලෙස කොටා ඇති බවත් රථ වහන ලියාපදිංචි කිරීමේ ලේඛනයට අනුව එම රථයේ අංකය Motor lorry අංක තහඩුවක් බවත් රථයේ පැහැය Maroon ලෙස හා එහි එන්ජින් සිලින්ඩර් ධාරිතාව CC 1280 ලෙස ලි.ප. ලේඛනගතව තිබුණත් එය සිලින්ඩර් ධාරිතාව CC 2800කට වඩා වැඩි රථයක් බවයි.
භාරයට ගන්නා ලද මේ රථය මෑත කාලය තුළදී පුද්ගලයන් කිහිපදෙනෙකු අතර ඉතා සූක්ෂ්ම ලෙස හුවමාරු කරගෙන තිබූ වාහනයක් බව අනාවරණය වීමෙන් අනතුරුව පානදුර වලාන දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා රත්නපුර මූලස්ථාන පොලිසිය වෙත ඉදිරිපත් කර ඇත.
මෙම නීතිවිරෝධි සුඛෝපභෝගී ජිප් රථය රත්නපුර ප්‍රදේශයේ ප්‍රබල දේශපාලනඥයකු විසින් පරිහරණය කළ බව එම ප්‍රදේශවාසීහු සදහන් කරයි.