මේ වනවිට සමාජය තුළ කැළඹීමක් ඇතිකර ඇති විව්ධ ඝාතන සිදුවීම් අතරතුර පොලීසිය විසින් සිදුකරන අඛණ්ඩ මෙහෙයුම් හමුවේ විවිධ ඝාතන සහ අපරාධ සඳහා අවශ්‍යකර සිටින නමුත් ආරක්ෂක අංශ මගහරිමින් සැඟව සිටිනා සැකකරුවන් අධිකරණ වෙත බාරවීමේ තත්වයක් පෙනෙන්නට ඇත.
එවැනි සිදුවීමක් ඊයේ (25) බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාර්තා විය.
අම්බලන්ගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී සිදුකළ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු නීතිඥවරයෙකු මාර්ගයෙන් බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.
පසුගිය 2024.11.10 වන දින යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පිරිමි පුද්ගලයෙකුට හා කාන්තාවකට තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබූ අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අම්බලන්ගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
අධිකරණයට බාර වූ මෙම සැකකරු මාර්තු 07 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.