By unusuma.lk on
(LK time)ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ 2025 වර්ෂය සඳහා වන ආධුනික කණ්ඩායම බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ මහතා පැවසූවේ රටවල් සඳහා පත්කරනු ලබන තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් සඳහා නිශ්චිත ඉලක්ක ලබාදී ඇති බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේ දේශපාලන හිතවත්කම් සහ ඥාති සබඳතා මත තානාපති සේවයට නිලධාරීන් පත් කිරීමේ ක්‍රමවේදය අවසන් කළ බවයි.
රාජතාන්ත්‍රික සේවය යනු හුදෙක් දේශපාලන හිතවත්කම් මත නිෂ්චිත කණ්ඩායමකට හිමිවන විශේෂ වරප්‍රසාදයක් හෝ වරදානයක් නොවන බවද ඔහු සිහිපත් කළේය.