රාජකාරි සාරි පිළිබඳ තීරණයක්.!

සිය පුද්ගලික අභිමතය පරිදි ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීම සඳහා බලපෑම් සිදුකරනා විදුහල්පතිවරුන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙම පියවර ගැනීමට හේතු වී ඇත්තේ ඇතැම් විදුහල්පතිවරුන් ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීම සඳහා බලපෑම් කරන බවට අඛණ්ඩව පැමිණිලි යොමුවීමයි.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසන්නේ එම සියළුම සිදුවීම් විමර්ශනය කිරීමේදී මෙම විදුහල්පතිවරුන් සිය පෞද්ගලික අභිමතයන් පරිදි ගුරුවරියන්ගේ ඇඳුම වෙනස් කිරීමට උත්සාහ දරා ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ චක්‍රලේඛ මඟින් හෝ සේවා ව්‍යවස්ථා මඟින් ගුරුවරුන්ට නිශ්චිත ඇඳුමක් නියම කර නැති බවයි

මෙවැනි තත්වයන් හේතුවෙන් පාසල්වල හා විභාග ඇගයීම් මධ්‍යස්ථානවල නොයෙකුත් ගැටලු නිර්මාණය වී ඇති බව පෙන්වාදුන් නියෝජ්‍ය අමාත්‍යවරයා විදුහල්පතිවරුන්ගේ එවැනි හැසිරීම් වැළැක්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය නිලධාරි මට්ටමේ සාකච්ඡාවක් ආරම්භ කළ බවද පැවසීය.

ගුරුවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබේ නම් අමාත්‍යාංශයෙන් විමසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් විදුහල්පතිවරුන්ට දැනුම් දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මහරගම ජනාධිපති විදුහලේ සහ පන්නිපිටිය ධර්මපාල විදුහලේ එවැනි සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Loading

Tell me 💬
Notify of
guest
17 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.