By unusuma.lk on
(LK time)එළඹෙන මහකන්නයේ වී මිලදී ගැනීම සදහා අවශ්‍ය යටිතල පහසුකම් සංර්වර්ධනය කිරීමට මෙන්ම වී අලෙවි මණ්ඩලය හා ස.තො.ස සතු අඩුපාඩුකම් පවතින ගබඩා අලුත්වැඩියා කිරීමට ත්‍රිවිධ හමුදා තාක්ෂණික සහය හා ශ්‍රම දායකත්වය ලබාදීමට කටයුතු සිදු කරන ලෙස අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ආරක්ෂක අමාත්‍යාංශය වෙත උපදෙස් ලබාදී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් වාරි මාර්ග හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහගේ ප්‍රධානත්වයෙන් අද (16) කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේදී පැවැත්විණ.
මෙම සාකච්ඡාවේදී ගබඩාවල පවතින අලුත්වැඩියා කටයුතු සිදුකිරීම සදහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයත් තාක්ෂණික දැනුමත් යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම සදහාත් අවධානය යොමු විය.
එමෙන්ම අස්වනු නෙලන කාලය වන විට ගබඩාවන් හි පවතින අලුත්වැඩියා කටයුතු මේ මස අවසන් වීමට පෙර නිමකර මහකන්නයේ අස්වනු මිලදී ගැනීම සදහා සුදානම් කිරීමටත්, වී මිලදී ගැනීමෙන් අනතුරුව එම ගබඩා පරිශ්‍රයන් සඳහා ආරක්ෂාව සැපයීමටත්, ආරක්ෂක අමාත්‍යාංශය සිය එකඟතාවය පළකල අතර Clean Sri Lanka හි තවත් එක් පියවරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාවට නන්වනු ලබයි.
දිවයින පුරා වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 209 පවතින අතර ස.තො.ස සතුව ගබඩා 12 ක ප්‍රමාණයක් පවතී. එම ගබඩාවන් හී පවතින අඩුපාඩුකම් හා ගත යුතු පියවර මෙන්ම ඉදිරි සැලසුම් පිළිබඳව පැමිණි සිටි පාර්ශ්වයන් මෙම සාකච්ඡාවෙදී අදහස් හුවමාරු කර ගන්නා ලදි.
මෙම අවස්ථාවට වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද, වී අලෙවි මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය එ එල් රාජගුරු, කලාප කළමණාකරුවන් සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අධ්‍යක්ෂ ජනරාල් – ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරල් දිනේෂ් උඩුගම ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී විය.