By unusuma.lk on
(LK time)ඇල්ලේපොල නිලමේ ඉංග්‍රීසීන් විසින් අත්අඩංගුවට ගන්නා විට රැඳී සිටි ලෙන වසර 207කට පමණ පසුව සොයා ගෙන ඇත.
1818 නිදහස් සටනේ පුරෝගාමියෙකු ලෙස සැලකෙන ඇල්ලේපොල නිලමේවරයා ඉංග්‍රීසි හමුදාවේ අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී රැඳී සිට ඇති බව සැලකෙන දිගින් අඩි 200ක් පමණ වන මෙම ලෙන මහනුවර – උඩුදුම්බර, බඹරබැද්ද, නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටා ඇත.
මේ පිළිබඳව පර්යේෂණ සිදු කළ කැලණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාල හා තොරතුරු විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එච්. එම්. ටිකිරි හේරත් මහතා පවසන්නේ මෙම ලෙනෙහි ඇල්ලේපොල නිලමේ, ඔහුගේ බිරිඳ හා බෑණනුවන් ආරක්ෂිතව රැඳී සිට ඇති බවට තහවුරු වී ඇති බවයි.
ඒ මහතා සමග මහනුවර පුරාවිද්‍යා කාර්යාලයේ පර්යේෂණ නිලධාරි අයි.ඩී.එම්. විජේබණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් මෙම පර්යේෂණයට සම්බන්ධ වී අත.
එසේම මෙහි කටාරම් තුළ පැරණි බ්‍රාහ්මී අක්ෂර රැසක් දක්නට ලැබී ඇති බවත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන බවත් ටිකිරි හේරත් මහතා පැවසීය.