By unusuma.lk on
(LK time)ශ්රී ලංකාව පදනම් කරගත් ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයක වාර්තා අනුව ශ්රී ලංකා රජයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙරට ජනතාව දැඩි විශ්වාසයකින් පසුවන බව හෙළිවී තිබේ.
වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ 2024 පෙබරවාරි මාසයට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසය වන විට ශ්රී ලාංකික ජනතාව රජය සම්බන්ධයෙන් පවත්නා ආකල්ප මුල්කරගනිමින්ය.
ආර්ථික අර්බුදයෙන් පසු ප්රථම වතාවට ජනගහණයෙන් බහුතරයක් (55%ක්) ශ්රී ලංකාවේ ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව සිතන්නේ යැයි මෙම සමීක්ෂණයෙන් වැඩිදුරටත් අනාවරණයවී තිබේ.
රනිල් වික්රමසිංහ මහතා ජනාධිපතිත්වය දැරූ 2024 පෙබරවාරි මාසයේදී වෙරිටේ රිසර්ච් ආයතනය විසින් වර්තමාන රජයේ වැඩපිළිවෙල අනුමත කරන්නේද නැද්ද යන්න ගැටලුවට ධනාත්මක ප්රතිචාරයක් දක්වා තිබුණේ 7%ක පිරිසක් පමණක් වන නමුත් මෙම වසරේ එම ආයතනය විසින් සිදුකල නවතම සමීක්ෂණ වාර්තාව අනුව මේ වන විට එම අගය 62% ක් දක්වා වර්ධනය වී තිබේ.
එමෙන්ම වර්තමාන ආර්ථික තත්ත්වය විශිෂ්ඨ, හොද හෝ දුර්වල මට්ටමේ පවතින්නේද යන්න නැගු ගැටලුවට පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ධනාත්මක පිළිතුරක් ලබාදි ඇත්තේ 9% පිරිසක් පමණක් වන නමුත් මේ වන විට එය 35% දක්වා 26% කින් ඉහළ ගොස් ඇත.
මේ අතර අතර මෙරට ආර්ථික තත්ත්වය යහපත් අතට පත්වන්නේද නැත්නම් අයහපත් අතට පත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් නැගූ පැනයට පසුගිය වසරේ පෙබරවාරි මාසයේ දී යහපත් ප්රතිචාරයක් දක්වා ඇත්තේ 9%ක පිරිසක් පමණක් වන නමුත් මෙම වසරේ පෙබරවාරි මාසයේදී එය 55% ක් වැනි ඉහළ අගයකින් ධනාත්මක ප්රතිචාර දක්වා තිබෙනවා.
සමස්තයක් ලෙස ශ්රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබද තෘප්තිමත් වන්නේද යන්න පිළිබද මෙම සමීක්ෂණයේදී කරුණු විමසා ඇති අතර 2024 වසරේ පෙබරවාරි මාසයේදී රටේ තත්ත්වය පිළිබද තෘප්තිමත් වී ඇත්තේ 5%ක පිරිසක් පමණයි.
මේ වන විට එය 41% කින් ඉහළ ගොස් 46% ක පිරිසක් ශ්රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබද තෘප්තිමත් වන බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකළ සමීක්ෂණ වාර්තාවේ දැක්වෙනවා.
සමස්තයක් වශයෙන් ගත්විට ආණ්ඩුව වැඩකරන ආකාරය අනුමත නොකරන ජනතාවගේ ප්රතිශතය 60%ක සිට 16%ක් දක්වා (අගයන් 44කින්) අඩුව ඇත.
එම වාර්තාව පහතින්,
