By unusuma.lk on
(LK time)අල්ලස් ගන්නා බවට චෝදනා එල්ල වී සිටින වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා අල්ලස් දුන් සිරකරුගෙන් පළිගන්නා බවට රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් චෝදනා කරයි.
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට අයත් රෝහලට ඇතුළත් කර සිටින මෙම සිරකරු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඒවා නැත්තේ පැමිණිලිකරුට වෙඩි තැබීමේ න්‍යාය රඟ දක්වමින් බවද ලේකම් සුදේශ් නන්දිමාල් සදහන් කරයි.
වැලිකඩ බන්ධනාගාර රෝහලේ දීර්ඝ කාලයක් සේවය කරන මෙම වෛද්‍යවරයා අදාළ සිරකරු මාරු කිරීමට රුපියල් ලක්ෂ 10ක් ඉල්ලා ඉන් ලක්ෂ 3ක් ලබාගත් බවට ඉකුත් (25) වැනිදා ඔහුගේ බිරිය වන චම්පිකා, ශ්‍යාමලි කුමාරි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ලිඛිතව දන්වා ඇත.
ඒ ලිපියෙන් පසුව මෙම සිරකරුගෙන් පළිගැනීම් දිගින් දිගටම සිදුවන බවත් බූස්ස බන්ධනාගාර රෝහලේදී ඇවිදීමට නොහැකි ඔහුට රෝද පුටුවක් හෝ ලබාදී නැති බවද ලේකම් සුදේශ් නන්දිමාල් සදහන් කරයි.
මේ අතර වෛද්‍යවරයාට එරෙහිව දැනට පරීක්ෂණයක් පැවැත්වෙන බවත් සිරකරුගේ බිරිය ඒවා ඇති පැමිණිල්ලට අදාළව ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඇය නැවත කැඳවන බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සදහන් කරයි.