අසරණ රෝගීන්ට රජයෙන් සහන.!

ජනාධිපති අරමුදල මගින් ගත හැකි පියවර සම්බන්ධව සොයා බැලීම සදහා කමිටුවක් පත් කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර පැවති විශේෂ සාකච්ජාවකදී තීරණය කර ඇත.

ඒ අනුව රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකර ගැනීමට රෝගීන් විශාල ප්‍රමාණයක් පෝලිම්වල සිටින බැවින් එම පෝලිම් අවම කර ගැනීමට ගත හැකි පියවර සම්බන්ධව සොයා බැලීම⁣ට එම කමිටුව පත්කර ඇත.

අක්ෂි, ළමා, හෘද රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල ප්‍රමාණයක් රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදුකර ගැනීමට පෝලිම්වල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මගහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මගින් ලබාදිය හැකි සහන පිළිබඳව මෙහිදී අවදානය යොමු විය.

තවද රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසුව ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධව සාකච්ඡා කෙරුණු අතර එහිදී රෝහලේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.

ජනාධිපති කාර්යාලයේ මෙම විශේෂ සාකච්ඡාව පැවැත්විණ.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.