By unusuma.lk on
(LK time)ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ M.S.C එල්සා භාණ්ඩ ප්‍රවාහන නෞකාව පසුගිය මස (25) වැනිදා ජල කාන්දුවක් හේතුවෙන් ඉන්දියාවේ කේරළ මුහුදේදී අනතුරට ලක් විය.
අනතුරට ලක්වු M.S.C. එල්සා නෞකාවේ තිබු මයික්‍රෝ ප්ලාස්ටික් කැබලි ඇතුළු අපද්‍රව්‍ය මගින් මුහුදු ශාඛ හා ජීවින්ට ඇති වී තිබෙන හානි සොයා බැලිමට විශේෂ කණ්ඩායම් කිහිපයක් යොමුකර ඇති බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සඳහන් කරයි.
උතුරේ සිට දකුණු වෙරළ දක්වා එම විශේෂ කණ්ඩායම් යොමුකර ඇති බවත් අනතුරට ලක්වු M.S.C. එල්සා නෞකාවේ තිබු මයික්‍රෝ ප්ලාස්ටික් කැබලි ඇතුළු අපද්‍රව්‍ය ඉවත් කිරිමේ කටයුතු අද (18) දිනයේත් සිදු කරන බවද ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය සඳහන් කරයි.
ඒ අනුව යාපනය ,මන්නාරම සහ ගාල්ල දිස්ත්‍රික්කවල වෙරළ තිරවල ගොඩ ගැසි ඇති අපද්‍රව්‍ය අද දිනයේ ඉවත් කිරිමට පියවර ගන්නා බවත් ඒ සඳහා යුද හමුදාව සහ ප්‍රදේශවාසින්ගේ සහාය ලබා ගන්නා බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර සඳහන් කරයි.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයා තවදුරටත් සඳහන් කළේ, යාපනය, මන්නාරම, පුත්තලම සහ ගාල්ල දිස්ත්‍රික්කවල මුහුදු තීරවලට එම අපද්‍රව්‍ය ගොඩ ගැසෙමින් ඇති බවයි.