By unusuma.lk on
(LK time)අද (16) දින විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් තිස්ස අත්තනායක සදහන් කලේ, එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා පැවැත්වීමට සමගි ජන බලවේගය වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බවයි.
තිස්ස අත්තනායක සදහන් කලේ,
“සාකච්ඡා ආරම්භ කරන්න තීරණය කරලා තිබුණේ අපේ කෘතියාධිකාරී මණ්ඩලය හා කළමණාකරන කමිටුව. ඒ පිළිබඳ අපහැදිළිකමක් තිබුණා නම් ඒ පිළිබඳ වාර්තා කරන්න තිබුණා. සාකච්ඡා ඉදිරියට ගෙනියන්න අවශ්‍ය නැත්නම් ඒ පිළිබඳ තීරණය කරලා මේ සාකච්ඡාවල දොර වහන්න තිබුණා.
ඒ හැර එකිනෙකාට දෝෂාරෝපණය කිරීම, තර්ජනය කිරීම, කුමන්ත්‍රණ පිළිබදව ප්‍රකාශ කිරීම ආදි කිසි කරුණක් මේකට අදාළ නෑ. ඒ නිසා මම දැක්කා පක්ෂ සභාපතිවරයාට මඩ ගහනවා. හරිම කණගාටුයි. අපේ මුලික ඉලක්කය තිබුණේ සජිත් ප්‍රේමදාස මේ රටේ ඊළග ජනාධිපතිවරයා කරන්න.
මම දැනුම්දීමක් කරන්න කැමතියි. තවදුරටත් මේ සාකච්ඡා පිළිබඳ පක්ෂය යම් ස්ථාවරයක් දරණවා නම්, ඒ ස්ථාවරය ඊළඟ කෘතිතියාධිකාරි මණ්ඩලය තීරණය කරන තුරු මම නැවත මේ සාකච්ඡා වලට එකතු වෙන්නේ නෑ.”