By unusuma.lk on
(LK time)අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස අහෝසි කිරීමට පෙර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි.
හිටපු මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සිටි ජාතික ජන බලවේගය අද කිසිඳු හිරිකිතයක් නොමැතිව විධායක බලතල භාවිතා කරන බවයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස නැවත පවරා ගැනීමට අවශ්‍ය නම් ලිපියක් යොමු කරන ලෙසත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන්ගේ නිවසට ගෙනගොස් නූතන ජීවමාන දුටුගැමුණුට මෙන් සැලකීමට සූදානම් බවත් තිස්ස කුට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේය.