By unusuma.lk on
(LK time)2010 වසරේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා වංචා සහගත ලෙස නීති විද්‍යාලයේදී නීති විභාගයට පෙනී සිටි බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් මත තමා පැහැරගත් බවත් විදේශ රටක දේශපාලන රැකවරනය ලබා සිටි තුෂාර ජයරත්න මහතා මහතා නැවත වරක් සිය හඬ අවදි කළේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවයි.
කෙසේවෙතත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධ කතාබහ ඇතිවීමෙන් පසු නැවතත් කරලියට පැමිණි තුෂාර ජයරත්න මහතා ඊට අදාළ පැමිණිල්ල සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිනෙන බවද සඳහන් කළේය.
තුෂාර ජයරත්න මහතා පවසන්නේ එම සිදුවීමෙන් පසුව ඊට අදාළ ශාක්ෂි ලබා නොදෙන ලෙස නාමල් රාරපක්ෂ මහතා ඔහුට දිගින් දිගටම තර්ජනය කරනා බවයි.
ඒ සම්බන්ධයෙන් ඔහු පැමිණිලි අංක ESC 161851172 යටතේ රහස් පොලීසියටද පැමිණිල්ලක් සිදුකල බවත් නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සහචර ඉරාජ් වීරරත්න එක්ව දිගින් දිගටම තමාට බලපෑම් සිදුකරමින් සිටිනා බවත් ඔහු පවසයි.
එමෙන්ම තමා එල්.ටී.ටී ත්‍රස්තවාදියෙක් බවට පවා මේ වනවිට මඩ ප්‍රචාරයක් ගෙනයෑමට නාමල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩයම කටයුතු කරමින් සිටිනා බවත් තමාගේ ඉතිහාසය තුල කිසිදු අයුරකින් ත්‍රස්තවාදී සම්බන්ධතා පිළිබඳ චෝදනාවක් හෝ එල්ල වී නැති බවත් ඔහු පවසයි.
ස්වීස්ටර්ලන්තයේ සිටින තම නීතී උපදේශකවරියගේ උපදෙස් මත රහස් පොලීසියට මෙම පැමිණිල්ල සිදුකල බවද ඔහු පවසයි.