හල්ලොලුවගේ කන ලඟින් වෙඩි තබා ලිපි ගොනු පැහැර ගනී.!

පසුගිය දිනක ජනපතිට එරෙහිව දූෂණ චෝදනා එල්ල කිරීම සම්බන්ධව ප්‍රසිද්ධියට පත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට තර්ජනාත්මක වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තාවේ.

කොළඹ, නාරාහේන්පිට දාබරේ මාවතේදී හිටපු අධ්‍යක්ෂවරයා ගමන් කළ රථය ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුකර තිබේ.

රථයේ ඉදිරිපස වීදුරුවට වෙඩි වැදී තිබුණත් එහි ගමන් කළ තුසිත හල්ලොලුව මහතාට හෝ ඔහුගේ නීතිඥවරයාට කිසිඳු හානියක් සිදුව නොමැත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි තැබූ පුද්ගලයන් පහරදීමක්ද සිදුකර ඇති අතර පහරකෑමට ලක්වූ තුසිත හල්ලොලුව මහතා රෝහල්ගත කර ඇති බවය.

මෙම වෙඩි තැබීමෙන් පසු තුසිත හල්ලොලුව මහතා සතුව තිබූ ලිපිගොනුවක් කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බව වාර්තා වෙයි.

බොහෝදුරට ජනාධිපතිවරයා වෙත එල්ල කළ බරපතළ චෝදනාවට අදාළ එකම ලිපිගොනුව මෙලෙඩ පැහැර ගෙන ගොස් ඇති බව ඉදිරියේදී අනාවරණය වනු ඇත.

වෙඩි තැබූ පුද්ගලයන් පලාගොස් ඇති අතර වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.

වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත අදාළ සිද්ධියේ පරීක්ෂණ කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දී  ඇති බව පොලීසිය පවසයි.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments