දුම්රිය රියැදුරන් අදත් වර්ජනයක.!

අද (06) දින දහවල් 12.00 සිට දුම්රිය රියැදුරන් පිරිසක් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව සඳහන් කරයි.

පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගත් බවද ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව සඳහන් කරයි.

මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය ඊයේ (05) දින එම ස්ථානයේ නතර කෙරිණි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments