දිවයින පුරා දුම්රිය ධාවනය මග නවතී.!

අද (17) දින දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සඳහන් කරයි.

ඒ අනුව ගාල්ල, මීගමුව හා වේයන්ගොඩ වැනි කෙටි මාර්ගවල පමණක් දුම්රිය ධාවනයට කටයුතු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.

මෙම ඉල්ලීම් සඳහා ලබන සතිය ඇතුළත විසඳුම් ලබාදීමට පියවර නොගත හොත් අඛණ්ඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments