By unusuma.lk on
(LK time)කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව යන අය ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දැනීමක් තිබිය දී ඒ සම්බන්ධව තොරතුරු වසන් කර අපරාධයට ආධාර අනුබල දීමේ චෝදනාව යටතේ ය.
අවුරුදු 23 ක් වූ කටුවැල්ලේගම, මීගමුව ලිපිනයේ පදිංචි පිංපුර දේවගේ චමිදු තිවංක වීරසිංහ යන අය සහ එම ලිපිනයේම පදිංචි සේසත්පුර දේවගේ සමන්ති යන 48 හැවිරිදි කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
මොවුන් දෙදෙනා අදාළ ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දිගේ මව සහ බාල සහෝදරයා වන බවට අනාවරණය වී ඇති අතර ඒ අනුව මේ දක්වා මෙම අපරාධයට අදාළව සැකකරුවන් 10ක් අත්අඩංගුවට ගෙන තිබේ.