විශාල නෞකා දෙකක් එකට ගැටී බිහිසුණු අනතුරක්.!

උතුරු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් තෙල් ප්‍රවාහන නැවක ගැටීමෙන් තිස් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය වෙරළට ඔබ්බෙන් වූ උතුරු මුහුදේදී අමෙරිකානු ධජය සහිත තෙල් නෞකාවක් සහ පෘතුගීසි ධජය සහිත බහාලුම් නෞකාවක් එකිනෙක ගැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නෞකා දෙක ගැටීමෙන් සිදුවු බිහිසුණු අනතුරත් සමග තෙල් නැවේ ගින්නක් හටගෙන ඇති අතර තෙල් කාන්දුවක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් මේ වනවිට ගුවන් යානයක්, හෙලිකොප්ටරයක් සහ ජීවිතාරක්ෂක බෝට්ටු පැමිණ ගින්න නිවා දැමීමටත්, එහි සිටි පිරිස මුදවා ගැනීමටත් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

Loading

One thought on “විශාල නෞකා දෙකක් එකට ගැටී බිහිසුණු අනතුරක්.!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *