By unusuma.lk on
(LK time)1996 සිට 2011 වසර දක්වා හැරී කුමරුගේ පෞද්ගලික ජීවිතයට බරපතළ ලෙස ඇඟිලි ගැසීමක් කර ඇතැයි ලැබූ චෝදනාව සම්බන්ධව සන් පුවත්පතේ හිමිකරු ඒ සදහා සම්පූර්ණ හා පැහැදිලි සමාව අයැදීමක් ඉදිරිපත් කරයි.
එසේම සන් පුවත්පතේ හිමිකරු හැරී කුමරුට සැලකිය යුතු වන්දියක් ගෙවීමට එකඟ වී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මහාධිකරණයේ නඩු විභාගයක් ආරම්භ වීමට පෙර හැරී කුමරු සහ පුවත්පත් කණ්ඩායම අතර දීර්ඝ නීතිමය සටනක් පැවතිණි. අනතුරුව මෙම ගැටලුව සමථයකට පත්කර ගැනීමට හැකි වී ඇත.
එසේම හැරීගේ අභාවප්‍රාප්ත මව වන ඩයනා කුමරියගේ පෞද්ගලික ජීවිතයට බරපතළ ඇඟිලි ගැසීමක් සම්බන්ධයෙන් නිව්ස් ගෲප් පුවත්පත් (NGN) සමාව අයැද සිටියි.