By unusuma.lk on
(LK time)මේ වනවිට ලංකාවේ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ ඔවුන්ගේ අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සදහන් කරයි.
2024 වසරේ වෙඩි තැබීම් 75ක්, කපා කොටා ඇති සිද්ධීන් 18ක් වශයෙන් 93ක් වාර්තා වන බවත් 2025 වසරේ මේ දක්වා කාලය තුළ වෙඩි තැබීම් 17ක් සහ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බව වැඩබලන පොලිස්පතිවරයා සදහන් කරයි.
මෙම ඝාතන සදහා සෘජුව හෝ වක්‍රව පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින්ගේ ආරක්ෂාව ලැබී තිබෙන බවත් ඒවා හදුනාගෙන ඇති බවත් ඒ අනුව නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වැඩබලන පොලිස්පතිවරයා සදහන් කරයි.
නව රජය බලයට පත්වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී T56 13ක්, රිවොල් 15ක්, පිත්තෝල 21ක්, බෝර 12 ගිනිඅවි 75ක්, රිපීටර් 7ක්, කොටන තුවක්කු 805ක් සහ වෙනත් ගිනිඅවි 4ක් පොලිස් භාරයට ගත් බවද සදහන් කරයි.
අපරාධකරුවන් සහ ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන මහජනතාවට ත්‍යාග මුදල් ලබාදෙන බවද ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් වැඩබලන පොලිස්පතිවරයා සදහන් කරයි.