ආන්දෝලනාත්මක පුවත් මැවූ සභාපති ඉල්ලා අස් වෙයි.!

වත්මන් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ලේකම් ලෙස ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කළ දේශපාලන පළිගැනීම් සොයන ජනාධිපති කොමිසමේ සභාපතිවරයා වූයේද උපාලි අබේරත්න මහතාය.

ඔහු එවකට දේශපාලන පළිගැනීම් කොමිසමේ තීන්දු ලබා දෙමින් වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට සහ ශානි අබේසේකර ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගන්නා ලෙස ද ජනාධිපතිට නිර්දේශ කළ සභාපතිවරයා වෙයි.

එම දේශපාලන පළිගැනීම් කොමිසම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් හඳුන්වනු ලැබුවේ “පිස්සු පූසා කොමිසම” ලෙසයි.

ඔහු තොරතුරු කොමිසමට පත්කිරීම ඒ දිනවල දැඩි ආන්දෝලනාත්මක සිදුවීමක් විය.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.