By unusuma.lk on
(LK time)ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ ජිනදාස රත්නායක තේරීපත් වී තිබෙනවා.
සභාපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා පැවති රහස්‍ය ඡන්දයෙන් ඔහු ඡන්ද 22 ක් ලබාගෙන සභාපති තනතුරට පත් වූ අතර, ඔහු සමග තරග කළ සමගි ජන බලවේගයේ සුබසේන යන අයට හිමිවූයේ ඡන්ද 17 ක් පමණයි.
උප සභාපති තෝරාපත් කර ගැනීමේදී ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තනූජා රසාංජලී සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් සමින්ද සුදර්ශන තරග කළා.
එහිදී දෙදෙනාටම සමාන ඡන්ද හිමිවීම හේතුවෙන් කුසපත් ඇදීමේ අවස්ථාවට යොමුවී තිබෙන අතර, එහිදී ජාතික ජන බලවේගයේ තනූජා රසංජලී උප සභාපතිනිය ලෙස තේරී පත්වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.