By unusuma.lk on
(LK time)මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පෞද්ගලික වාහන ගෙන්වීමට අදාළව නවතම ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව පෙබරවාරි (01) දින සිට බලපැවැත්වෙන පරිදී එක් එක් වාහන සම්බන්ධයෙන් බල පැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
2025 ජනවාරි (27) දිනැති අංක 2421/04 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද 2025 අංක 01 දරන ආනයන හා අපනයන (පාලන) රෙගුලාසි, ඒ යටතේ සිදු කරන ලද ඕනෑම ක්‍රියාමාර්ගයක වලංගුභාවයට අගතියක් නොවන පරිදි මෙම තහනම ඉවත්කරන බව එම ගැසට්ටුවේ සදහන් වේ.
එලෙස ජනපතිවරයා විසින් නිකුත් කළ ගැසට් පත්‍රය මගින් කැබ් රථ, ඔටෝ-රින්ෂෝ, මෝටර් සයිකල්, පාපැදි සහ විශේෂ කාර්ය වාහන ද ඇතුළු කාණ්ඩ කිහිපයක වාහන සදහා පනවා තිබූ තහනම ඉවත් කර ඇත.
