වාහන මිල අඩු කරන්න ගැසට්ටුවක්.?

රජයේ ආරංචි මාර්ග පවසන්නේ රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන 400 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කිරීමට බාධාවක් වූ කරුණක් ඉවත්කරමින් කඩිනමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතු අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට නියමිත බවයි.

ඒ අනුව රේගුවේ සිරවී තිබෙන වාහන නිදහස් කිරීම සඳහා වන අවශ්‍යතා සපුරාලමින් ගැසට් පත්‍රයක් නිකුත් වීමට නියමිත බවත් එම ගැසට් පත්‍රය ඉතා ඉක්මණින් නිකුත් වනු ඇති බවත් වාර්තා වෙයි.

එම නව ගැසට් පත්‍රය අනුව රේගුවේ හිරවී තිබෙන වාහන නිදහස් කිරීම ආරම්භ කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි පැවසේ.

රේගුවේ හිරවී තිබෙන ජපානයෙන් ආනයනය කළ වාහන මුදා හැරීමට බාධාවක්ව තිබුණේ එම වාහන මෙරටට ආනයනය කිරීම සඳහා ජපානයෙන් අපනයන පරීක්ෂණ සහතික නිකුත්කළ සමාගම විසින් සඳහන් කර ඇති තොරතුරු සම්බන්ධ ගැටළුවක් බව පැවසේ.

පළමු නැව පැමිණ දවස් 20 කට වඩා ගතවී ඇති අතර සිරවී තිබෙන වාහන වෙළඳපොළ පැමිණි විට වාහන මිල පහළ යනු ඇති බවත් වාහන තවදුරටත් රේගුවේ සිර වුවහොත් වාහන මිල ඉහළ යා හැකි බවත් එමනිසා වාහන නිදහස් කිරීමට ඇති බාධා ඉවත් කරමින් හැකි ඉක්මණින් නව ගැසට්‌ පත්‍රයක් නිකුත් කළ යුතු බවත් වාහන ආනයනකරුවන් පවසති.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

0
Would love your thoughts, please comment.x
()
x