By unusuma.lk on
(LK time)අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කළේ, පාසල් සිසුන් සදහා සපත්තු මිලදී ගැනීමේ වවුචර් පත් එළඹෙන (05) වැනිදා වනවිට බෙදා අවසන් කරන බවයි.
සිසුන් 250ට අඩු පාසල්වලට එම සපත්තු වවුචර් පත් හිමිවන අතර එම පාසල්වල සියලු සිසුන් වෙනුවෙන් වවුචර් පත් බෙදාදීම අවසන් අදියරේ පවතින බවද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
සිසුන් 250ට අඩු සංඛ්‍යාවක් සිටින පාසල්වල අස්වැසුම ප්‍රතිලාභය හිමිනොවන සියලු සිසුන්ට පාසල් පොත් සහ උපකරණ මිලදී ගැනීමට වන රුපියල් 6,000 දීමනාව එළඹෙන (05) වැනිදා වන විට ගෙවා අවසන් කිරීමට සැලසුම් කර ඇත.