පොලිස් ලොක්කෝ එකිනෙකා පාවා දෙමින් මතු වෙන වැලි යට ගැසූ වැලිගම සුල මුල.!

ධූරය රාජකාරිය කිරීම අත්හිටුව ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට පත් කළේ පාර්ලිමේන්තු කමිටුව සිවුවැනි දිනට ඊයේ (12) රැස්වූ අතර සාක්ෂි විමසීම රාත්‍රී නවය දක්වා පැවැත්වූවා.

W 15 හෝටලයට වෙඩි ප්‍රහාර එල්ල වූ දිනයේ මුර සංචාරයේ නිරත වූ කණ්ඩායමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ වැලිගම පොලිසි ස්ථානයේ පොලිස් සැරයන් අජිත් සිසර කුමාර මහතා පස්වරුවේ කමිටුව හමුවේ හමුවේ සාක්ෂි ලබාදුන්නා.

“වැලිගම මුර සංචාරක කණ්ඩායමේ එදින මා සමග තවත් පොලිස් නිලධාරියෙකු සහ හමුදා නිලධාරින් දෙදෙනකු සේවය නිරත වුනා. W 15 හෝටලය අසලින් අප ගමන් කරන අවස්ථාවේ සුදු පැහැතිය වෑන් රථයක් නවතා තිබෙන ආකාරය අප දුටුවා. එහිදී රතිඤ්ඤා පුපුරනවා වැනි හඬක් ඇසුනා. අප ඒ සමීපයට ගොස් බැලූ විට අප දුටුවා වෑන් රථයේ පැති දොර විවෘත කර තනි කළු පැහැති ඇඳුමකින් සැරසුණු අයෙක් හෝටලය දෙසට වෙඩි තබන අයුරු. ඒ වන විට වෙලාව පාන්දර දෙකයි විස්සට පමණ ඇති. මම ජීප් රථයෙන් බැස වැන් රථය දෙසට ගමන් කරන විට වෑන් රථය පණ ගන්වා මා දෙසට වේගයෙන් එනු දුටුවා. එම අවස්ථාවේ අපිට වෙඩි තබයි කියලා බය හිතුණා. එහිදී මම වෙඩි තබන ලෙස ජීප් රථය තුළ සිටි අපේ කණ්ඩායමේ නිලධාරීන්ට නියෝග කළා. ඒ සමග මගේ නිලධාරියෙන් වෑන් රථයට වෙඩි තැබුවා. වෑන් රථය ගාල්ල දෙසට වේගයෙන් ධාවනය කළා.”

ඉන් අනතුරුව එදින කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් ගමන්ගත් වෑන් රථයේ රියදුරු වශයෙන් කටයුතු කළ කොස්තාපල් රියදුරු දුලිප් ගෙහන් වීරසිංහගෙන් සාක්‍ෂි විමසනු ලැබුවා.

“කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කරන ඈන්ස්ලම්ද සිල්වා මට කිව්වා මාතර ප්‍රදේශයේ රාජකාරී කටයුත්තකට රියදුරු වශයෙන් එන්න කියලා. ඒ සඳහා ලැබුණේ සුදු පැහැති වෑන් රථයක්. එදා එහි යන්න කලින් එම වෑන් රථය වටේටම සුදු පැහැති ඉස්ටිකර් ඇලෙව්වා. කණ්ඩායමේ හිටපු නිශාන්ත නැමති නිලධාරියා තමයි ඒ සඳහා මට නියෝගය ලබා දුන්නේ. ඒ නිලධාරියා මට මුදල් දුන්නා, ඩාලි පාරේ පිහිටි කඩේකින් ස්ටිකර් රැගෙන ඇවිත් අලවන්න කියලා. ඒ අනුව මම ස්ටීකර් ඇලෙව්වා.”

එහිදී සභාපති විනිසුරු ප්‍රීති පද්මලාල් සූරසේන මහතා විමසා සිටියේ පිටත් වන අවස්ථාවේ වෑන් රථයේ අංක තහඩු සම්බන්ධයෙන් යම් සිදුවීමක් වුණාද යනුවෙන්.

“කොළඹ අපරාධ කොට්ඨාශයේ ස්ථානාධිපතිවරයාගේ නිවසේදී වෑන් රථයේ අංක තහඩු මාරු කළා. පොලිස් පරීක්ෂක නිශාන්ත වාහනය පිටුපස තිබී අංක තහඩු දෙකක් අරගෙන මාරු කළා. ඉන් පසු අධිවේගී මාර්ගය ඔස්සේ අදාළ හෝටලය අසලට ගියා. එහිදී මදුරංග නමැති නිළධාරියා වෑන් රථයේ පැති දොර හැර W15 හෝටලය දෙසට වෙඩි තබනවා මම දුටුවා. වෙඩි තබන අවස්ථාවේ පොලිසිය එම ස්ථානයට පැමිණෙන බව මම දැක්කා. පිටුපසින් සිට නිලධාරීන්ගේ දැනුම් දීම මත මම වෑන් රථය ඉදිරියට ගත්තා. ඒ සමග උපුල් නැමති නිළධාරියාට සහ මධුරංග නම් නිලධාරියට වෙඩි වැදුනු බව පිටිපස සිටි නිළධාරීන් කියනව මට ඇහුනා. ගූගල් මැප් එක දාලා දීලා කරා පිටිය රෝහලට යන්න කියලා නිලධාරීන් මට කිව්වා. එහි යද්දී අප ගමන් කළ රථයට වෙඩ් වැදී ඇති බව ඉමදූව අධිවේගී පිවිසුමේ නිළධාරීන් දුටුවා. පොලිස් නිලධාරීන් දුටු ස්ථානාධිපතිවරයා එම නිලධාරීන්ට හැඳුනුම්පත පෙන්වා අප කොළඹ අපරධ කොට්ඨාශයේ නිලධාරීන් බව පැවසුවත් ඔවුන් අපිට යන්න අවස්ථාව දුන්නේ නැහැ. ඔවුන් 119 අංකයට ඇමතීමෙන් පසු වැලිගම පොලිසිය ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු එහි පැමිණ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අපව පොලිසියට රැගෙන ගියා. එහිදී නිශාන්ත කියන පොලිස් පරීක්ෂකවරයා කිව්වා සැබෑ සිදුවීම නොකියා වෙනත් ප්‍රකාශයක් ලබා දෙන ලෙසට. ඒ අනුව අපි වැලිගම පොලිසියට ප්‍රකාශ කළේ W15 හෝටලය අසල නවතා තැබූ අපේ වෑන් රථයට එතැන සිටි අයෙක් වෙඩි තැබූ බවයි.”

සාක්ෂිකරු හඬමින් ප්‍රකාශ කළේ,

“ස්වාමීනී මම සිදු කළේ නිලධාරින් මට කරන්න යැයි කියූ දේ. එතනින් ඔබ්බට මම කුමක් කරන්නද. මෙවැනි සිදුවීමකට මුහුණ දීමට සිදුවන බව මා දැන සිටියා නම් කිසිවිටෙකත් ඊට සම්බන්ධ වන්නේ නැහැ. මම ගොවිතැනක් කරගෙන ඉන්නවා. අද මට ජීවිතේම එපා වෙලා. කොහෙවත් යන දේකකට අවසානයේදී මම පැටලිලා.”

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments