වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්. සමිත දිල්ෂාන් නමැති 24 හැවිරිදි එක්දරු පියෙකු රිය අනතුරක් සම්බන්ධයෙන් වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු ලේ වමනය ගොස් මිය යෑමේ සිද්ධිය මේ වනවිට සමාජ පුරා මහත් කතාබහට ලක්ව ඇත.
එවන් පසුබිමක එම සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිවිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.