By unusuma.lk on
(LK time)රනිල් වික්‍රමසිංහ මහතා සමග එකට දේශපාලනය කළ හිටපු ඇමැති වඩිවේල් සුරේෂ් සහ හිටපු ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් වසර ගණනාවක් රැදී සිටි වතු බංගලාවලින් ඉවත් කළ බව ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුව අමතමන් පැවසීය.
තොණ්ඩමන් වසර 13ක් සහ වඩිවේල් වසර 19ක් එසේ වතු බංගලාවල බලෙන් රැදී සිටි බවත් තමා අමාත්‍යවරයා ලෙස පත්වූ පසු පැමිණි නිර්නාමික ලිපියක් හරහා පරීක්ෂා කර සතියක් ඇතුළත ඔවුන් එම වතු බංගලාවලින් ඉවත් කිරීමට කටයුතු කළ බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
“මම වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට ඉද්දී දැනට මාසයකට විතර උඩදී මට ආවා නිර්ණාමික ලිපියක්, ඒකෙ සඳහන් වෙලා තිබ්බා හිටපු ජනාධිපතිවරුන්ට දැන්වූවා, හිටපු ඇමතිවරුන්ට යැව්වා එක්කෙනෙක්වත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ, එතුමා මට එවපු එකේ තිබ්බේ මෙහෙමෙ. ජේවීපී කාරයෙක් ඇමති වෙලා ඉන්න නිසා කොන්දක් තියෙනවානම් කරන්ඩ. ඔබතුමාගෙම අමාත්‍යංශයට අයත් වතු බංගලා කිහිපයක් බලහත්කාරයෙන් අල්ලගෙන ඉන්නවා පුළුවන්නම් නීතිය ක්‍රියාත්මක කරන්න.
කොන්ද පරීක්ෂාකරන්ඩ ලිපියක් ආපු නිසා මම යැව්වා පරීක්ෂණ කණ්ඩායමක් ඊට පහුවදා. ඒ කණ්ඩායම පරීක්ෂාකරලා වාර්තාවක් ඉදිරිපත් කළා නිර්නාමික පෙත්සම ඇත්ත. බංගලා දෙකක් බලහත්කාරයෙන් අල්ලගෙන හිටියා.
නීති අංශ කැඳෙව්වා උපදෙස් දුන්නා වතුසමාගම් වලට ලිපිය ගහන්න සතියක් ඇතුළත බංගලා දෙක ලබා නොදුන්නොත් ගිවිසුම් කැන්සල් කරනවා කියලා. වසර 13ක් හිටපු සෙන්දිල් සතියෙන් එළියට දැම්මා, වඩුවෙල් සුරේෂ් සතියක් ඉල්ලුවා ලිපි ලේඛන පෙන්නන්න, හැබැයි බැරිඋනා. අව්රුදු 19ක් හිටිය බංගලාවෙන් එළියට දැම්මා.”