By unusuma.lk on
(LK time)රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක මණ්ඩලය ඊයේ (5) කොළඹදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, වජිර අබේවර්ධන ඇතුළු පිරිසක් හමුවූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතා අකමැති නමුත් හෙතෙම බලහත්කාරයෙන් හෝ පාර්ලිමේන්තුවට යවනා බව වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය්.
එම අවස්ථාවට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා, සභාපති වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා, මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ ඇතුළු පිරිසක් සහභාගී විය.
එම අවස්ථාවේදී නැවත පාර්ලිමේන්තුවට එන ලෙසවූ යෝජනාවකට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ, “නෑ.. මම දැන් බලාගෙන ඉන්නවා මේ මොනවද වෙන්නේ කියලා. ඔයගොල්ලන්ට අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදෙන්න ක්‍රියාකරනවා” යනුවෙනි.
එම අවස්ථාවේදී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ “ඒවා එතුමා සමග කතා කරලා වැඩක් නෑ. අපි බලෙන් හරි එතුමාව පාර්ලිමේන්තුවට යවමු” යනුවෙනි. ඒ අනුව සුහදශීලීව සාකච්ඡාව අවසන් විය.
