By unusuma.lk on
(LK time)හෙට (11) දින උදෑසන 8.30 සිට ප.ව 6.30 දක්වා පැය 10ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරයි.
බියගම ජල පවිත්‍රාගාරයේ ස්ථාපිතසූර්ය බල විදුලි පද්ධතිය, ප්‍රධාන පද්ධතිය හා සම්බන්ධ කිරීම මෙන්ම වැඩිදියුණු කිරීම හේතුවෙන් මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට නියමිතය.
ඒ අනුව පෑලියගොඩ, වත්තල, කටුනායක, සීදූව නගර සභා බල ප්‍රදේශ, කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, ජාඇළ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට මෙම ජල කප්පාදුව බලපානු ඇත.