හිටපු ලොක්කාගේ නිවසේ බිල් ලක්ෂ 18යි.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.!

වරාය අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයකුගේ නිල නිවසේ මාස 15ක ජල, විදුලි හා දුරකථන බිල් සදහා නීති විරෝධී ලෙස වරාය අධිකාරියෙන් ලක්ෂ 18කට ආසන්න මුදලක් වැය කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට වරාය පොදු සේවක සංගමය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

මෙම අධ්‍යක්‍ෂවරයාගේ නිල නිවසේ විදුලි ඛිල 2023 ජුනි මාසයේ සිට 2024 අගෝස්තු දක්වා කාලය තුළ මාසිකව රුපියල් 58,352 සිට 118,676 දක්වා දෝලනය වී ඇති බවත් ජල බිල රුපියල් 17,808 සිට 58,948 දක්වා වෙනස් වෙමින් ගාස්තුව වැඩි වී ඇති බවද ඉදිරිපත් කළ පැමිණිල්ලේ සදහන් වේ.

ඔහුට ජංගම දුරකථනයක් ලබාදී ඇති අතර එහි ගාස්තුව වරාය අධිකාරියෙන් ගෙවනු ලබන බවත් ඊට අමතරව ඔහු සිය නිල නිවසට ස්ථාවර දුරකථනයක් ලබාගෙන එහි බිලද අධිකාරියේ වියදම්වලට එකතු කර ඇති බවත් ඒ අනුව එම වියදම රුපියල් 102,359.44ක් බවද වරාය පොදු සේවක සංගමය සිය පැමිණිල්ල මගින් ඉදිරිපත් කර ඇත.

ඇමැතිවරුන්ගේ නිල නිවාසවල විදුලි බිල්, ජල බිල් පවා රජයෙන් නොගෙවන තත්ත්වයක් තුළ රජයේ නිලධාරීන්ගේ නිල නිවාස ජල විදුලි බිල් රජයෙන් ගෙවීම කෙතරම් සදාචාරාත්මකදැයි ගැටලුවක් පවතින බවත් එහි ඇති නීත්‍යනුකූල බව සම්බන්ධයෙන් විමර්ශනය කර අවශ්‍ය පියවර ගන්නා ලෙසද වරාය පොදු සේවක සංගමය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලා ඇත.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.