ජලය සැපයීම මුර ක්‍රමයට.. ජනතාවට දැනුම්දීමක්.!

අධික උෂ්ණාධික කාලගුණය හමුවේ ජල පරිභෝජනය සැලකිය යුතු අගයකින් ඉහළ ගොස් ඇති බැවින් ඇතැම් ප්‍රදේශවලට මුර ක්‍රමයට ජල සැපයීම කරන බව ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය සදහන් කරයි.

ජල මුලාශ්‍රයන්හි ජල මට්ටම් පහළ අගයක පවතින බැවින් අත්‍යවශ්‍ය කටයුතු වලදි ජලය ඉතා අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි, ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය ජනතාවට දැනුම්දීමක් කරයි.

පවතින තත්ත්වය තුළ ඇතැම් ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජල සැපයුම සිදු වනු ඇති බවත් උස් බිම් ප්‍රදේශ වලට වරින් වර ජල සැපයිම බිඳ වැටිය හැකි බවද ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.