By unusuma.lk on
(LK time)බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී ගම්පහ, මාහේන ප්‍රදේශයේ සුසාන භූමියක සඟවා තිබූ ආයුධ පොලීසිය සොයාගෙන ඇත.
ඒ අනුව T56 ගිනිඅවියක්, මැගසිනයක් සහ ජීව උණ්ඩ 23ක් සොගෙන ඇති අතර එම ගිනිඅවිය කවුරුන් විසින් මෙහි සඟවා ගියේ දැයි මේ දක්වා හෙළිවී නොමැත.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් (26) උදෑසන මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීම විමර්ශනය කිරීමට එහි ගිය අවස්ථාවේදී මෙම ආයුධ පිළිබඳ තොරතුරු ලැබී ඇත.