By unusuma.lk on
(LK time)ගල්කිස්ස, බඩෝ විට ප්‍රදේශයේ පොලිසිය සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්පැන් ජාවාරම්කරුවකු වන වෙලේ සුදා නැමැත්තාගේ සහෝදරයා විසින් එල්ල කළ ප්‍රහාරයකින් ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ පොලිස් කොස්තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වෙයි.
උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු කොස්තාපල් වරුන් දෙදෙනෙකු බඩෝ විට ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් අතරතුර වෙලේ සුදා නැමැත්තාගේ සහෝදරයා පරීක්ෂා කිරීමට යෑමේදී ඔහු සන්තකයේ තිබූ තියුණු ආයුධයකින් කොස්තාපල්වරයාගේ උදරය ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ඇත.
මේ වන විට පොලිස් කණ්ඩායම් කීපයක් බඩෝ විට ප්‍රදේශය වටලා ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් සිදු කරමින් පවතී.
බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.