වැලිකඩ බන්ධනාගාරයෙන් විශේෂ විමර්ශනයක්.!

අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරය මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සදහන් කරයි.

අදාළ වාර්තාව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට භාරදීමට නියමිත අතර කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේලර්වරයෙකු යටතේ තවත් පරීක්ෂණයක් පැවැත්වෙන බවද මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක සදහන් කරයි.

කොළඹ අංක 9 අධිකරණයේ නඩු 22ක්, අංක 5 අධිකරණයේ නඩු 02ක් විභාගයට ගැනීමට නියමිතව තිබූ බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.