By unusuma.lk on
(LK time)අද (19) දින බස්නාහිර සහ සබරගමුව පළාත්වල ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
තවද පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇති අතර එම නිවේදනය හෙට (20) උදෑසන 5.30 දක්වා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ ප්‍රදේශවල මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී 55 – 65 දක්වා වැඩි විය හැකි බැවින් මේ පිළිබඳ ධීවරයින් සහ නාවිකයින් අවදානය යොමු කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.