මවිල් කෙලිං වූ විමල්ගෙන් හරිනිට කැත චෝදනාවක්.!

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘතිය යටතේ දරුවන්ගේ පාසල් පෙළ පොතට සමරිසි හා සංක්‍රාන්ති ලිංගික කරුණු ඇතුළත් කිරීමේ සූදානමක් පවතින බවයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා චෝදනා කළේ. අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය අධ්‍යාපන අමාත්‍ය ධූරයට පත්වී, ඇයට ඇති ව්‍යාධිය සමස්ත පාසල් දරුවන්ගේ හිස මත පටවමින්, ඒ දෙසට දරුවන්ගේ ඔළුව යොමු කරවීමට කටයුතු කරන බවයි

එහිදී ඔහු ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම සිදු කිරීමට යන අපරාධය නතර කිරීමට දෙමාපියන්, දූ දරුවන්, මෙන්ම මේ රටේ සංස්කෘතික පදනම විශ්වාස කරන සියලු රට වැසියන් සහ මහා සංඝරත්නය ඇතුළු සෙසු ආගමික නායකයන්ටත්, ගුරු-විදුහල්පති වෘත්තිය සමිතිවලටත් එක්ව නැගී සිටින ලෙසට ඉල්ලා සිටින බවයි.

Loading

Tell me 💬
Notify of
guest
7 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.