ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට ජනපති අනුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට.!

ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සදහා එළැඹෙන (10) සිට (13) වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සදහන් කරයි.

මෙම සංචාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක “2025 ලෝක රාජ්‍ය සමුළුව” ඇමතීමට නියමිත අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මත ජනාධිපතිවරයා මෙම සංචාරය සිදුකරයි.

එහිදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිතව බවද විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.